සුලන් විදුලි උත්පාදක යන්ත්‍ර භාවිතය හා උපදෙස්

සුලන් විදුලි උත්පාදක යන්ත්‍ර 100 watt සිට ගෘහස්ත හා කර්මාන්ත භාවිතය සදහා විවිධ මාදිලි වලින් ලබාගත හැක .

නිෂ්පදනයදී මේවා ප්‍රධාන වශයෙන් වර්ග දෙකකි. එනම් තිරස් හා සිරස් වශයෙනි.

තිරස් මාදිලිය සාමාන්‍ය විදුලි පංකාවක පෙනුම දරයි. විශාල බලයක් ජනනය කිරීමට මෙම මාදිලිය යොදාගත  හැක. ලංකාවේ අඹේවෙල/මන්නාරම/හම්බන්තොට දැනටමත් මේවා සවිකර ජාතික විදුලිබල පද්දතියට බලය සපයනු ලැබේ .

මේවායේ වටිනාකමට සාපේක්ෂව ජනනනය කරන විදුලි බල ප්‍රමාණය වැඩිය , කාර්යක්ෂම තාවයෙන් වැඩි මුත් නඩත්තුව අපහසුය.

සිරස් මාදිලිය වර්ග කිහිපයක් ඇත . ඒවා අවුරුදු 20 ක් පමණ කිසිදු නඩත්තුවක් නැතිව පාවිච්ච් කල හැක.  එලෙසම අඩු හුලන් වේගයක දී ක්‍රියාත්මක වේ . ගෘහස්ත භාවිතයට වඩාත් සුදුසුය . 

 සියලුම ආකාර වල වින්ඩි ක්‍රියාත්මක වීමට  එම ප්‍රදේශයේ සුලන් වේගය තත්පරයට මීටර 4 කට වඩා වැඩි විය යුතුය .

සවිකරන උස වැඩිවන විට සුළං වේගය වැඩිවන මුත් උස කණු නිෂ්පාදනයට අදික මුදලක් වැයවේ . 

එබැවින් කඳු මුදුනක වැනි සවභාවික උස ස්ථානයක හෝ ගොඩනැගිල්ලක මුදුනේ සවිකිරීම වඩාත් යෝග්‍යය.

විදුලි බල ජනනය 500 watt වින්ඩියක් සාමානයෙන් බර 30 Kg පමණ වේ(කනුව රහිතව ). එම නිසා ඉන් ඉහල බලයෙන් යුත් වින්ඩි සවිකිරීමේදී ප්‍රවාහන අපහසුතා හා ඇතිවන අතර, ඉහලට ඔසවාතැබිමට දොඹකර (crane) භාවිතා කිරීමට සිදුවේ . එබැවින් කුඩා පද්දතියක් සවිකිරීම වඩා වාසිදායක වෙනු ඇත .

විදුලියට සම්බන්ධ කරන අන්දම

සුර්ය කෝෂ සම්බන්ධකරන අකාරයටම වින්ඩි ද සම්බන්ධ කල හැක.

මෙහි ජනනය වන්නේ AC ත්‍රේකළා විදුලියකි. පාලක ඒකකයකින් බැටරියකට සම්බන්ධ කල හැක . 

 

 

එම ඒකකය බැටරියට සපයන්නේ DC විදුලියකි. සැපයුම වැඩි අවස්ථාවේදී පාලකය විසින් තිරිංග යොදා වින්ඩියේ වේගය ස්වයංක්‍රීයව පාලනය කරනු ලැබේ  . 

අවශ්‍ය නම් තවත් උපකරණයක් හරහා කෙලින්ම ජාතික විදුලිබල පද්දතියට සම්බන්ධ කල හැක. එම උපකරණය  grid-tie inverter ලෙස හැදින්වේ. එමගින් ජාතික බල පද්දතියේ විදුලි සාම්පලයක් ලබාගනිමින් එම ආකාරයටම විදුලිය නිපදවා නැවතත් ජාලයටම සපයනු ලැබේ. 

මෙහි ඇති අවාසිය වන්නේ ජාතික ජාලයේ විදුලිය නැතිවුවහොත් ඔබගේ විදුලි නිෂ්පාදනයද අක්‍රියවී ක්‍රියා විරහිත වීමය. මෙය Islanding නමින් හැදින්වේ.

 

 

 

 

 

 

 

 

 

සුර්යකෝෂ හා සුලන්විදුලි නිෂ්පාදනය එකම උපකරණයකින් වුවද සම්බන්ධ කල හැක. මෙය hybrid wind solar energy system ලෙස හැදින්වේ.

 

වාඩාත් කාර්යක්ෂම ක්‍රමය ලෙස , ඔබගේ බැටරිය 12v DC පද්ධතියකට  සම්බන්ධකර එය ට 12v LED බල්බ යොදා ආලෝකය ලබාගැනීමයි.  LED බල්බ මෙන්ම සියලුම ඉලෙක්ට්‍රොනික උපකරන ක්‍රියාත්මක වන්නේ DC විදුලියෙනි.  ගෘහස්ත විද්‍යුත් උපකරණ වල සිදුවනුවේ ජාතික ජාලයේ ඇති AC විදුලිය නැවතත් DC බවට හරවා භාවිතයට ගැනීමයි.

එබැවින් ඔබ ඉන්වටරයක් භාවිතා කලයුත්තේ AC මෝටර ඇති උපකරන සදහා පමණි .

අනිකුත් උපකරන කෙලින්ම DC වලින් ක්‍රියාත්මක වන ලෙස මිලදී ගත හැක …..

 

ජංගම පරිගණක සදහා කෙලින්ම DC සම්බන්ධ කල හැකි චාජර සුළු මුදලකට ලබාගත හැක .

DC 80W Universal Car Auto Charger Power Supply Adapter Set For Laptop Notebook.

 

 

 

                  

                     එලෙසම DC වතුර පොම්පද නිපදවා ඇත .

Farm & Ranch  Submersible DC Water Well Pump 12v/24v 200FT+ Lift. Flow Rate: 1.6 GPM (6 LPM)

 

 

 

 

ශීතකරණ ද DC විදුලියෙන් ක්‍රියාත්මක වන ලෙස නිපදවා ඇත. 

මෙහි කොම්ප්‍රේසර භාවිතා නොවේ. 

DC 12V Thermoelectric Cooler

 

 

 

 

                  සුලන් විදුලි ජනක (වින්ඩි) භාවිතා කල හැකි අවස්ථා හා ස්ථාන  
  • කදුකර පෙදෙසක හා උස් බිම්වල, විදුලිබලය සපයා නැති ස්ථානවල නිවාස හා සංචාරක නවාතැන් සදහා. Eco Lodge
  • සැලකිය යුතු ප්‍රමාණයේ සුළගක් තිබෙන  මන්නාරම /යාපනය /හම්බන්තොට වැනි  ප්‍රදේශවල ගෘහස්ත හා කර්මාන්ත සදහා .
  • උස් නිවාස හෝ ගොඩනැගිලි වල වහල මත.
  • රේඩියෝ හා දුරකථන සම්ප්‍රේෂණ කුළුණු සදහා.
  • මුහුදුබඩ ප්‍රදේශවල සංචාරක හොටල සහ නිවාස සදහා.
  • ධීවර හා නාවුක යාත්‍රා සදහා .
  • තාවකාලික ස්ථාන සහ කදවුරැ සදහා .